පාපන්දු කී‍්‍රඩකයන් 4 දෙනකුට වසර දෙකක තරග තහනමක්
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරගාවලි කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම පාපන්දු සමාජයක් වන රිනවුන් පිලේ ක‍්‍රීඩකයන් සිවුදෙනකුට වසර දෙකක තරග තහනමක් පනවා තිබේ. මේ අතර රිනවුන් ක‍්‍රීඩා සමාජයේ ලේකම්වරයාට ද වසරක තහනමක් පැනවීමට පියවර ගෙන තිබේ.
තරගයක් අතරතුරදී විනිසුරුවරයාට පහර දීම සම්බන්ධයෙන් කළ පරික්‍ෂණයකින් පසුව මෙම දඩුවම් පනවා තිබේ.
රිනවුන් පිල නියෝජනය කළ එම්. අයි. මොහොමඞ් සෙයින්, එම්. එන්. මොහොමඞ් නෆීර්, සී. එම්. මොහොමඞ් රිෂ්නි සහ ඒ. එෆ්. රහුමාන් යන ක‍්‍රීඩකයන්ට මේ වසරේ පෙබරවාරි මස 26 වැනිදා සිට 2014 වසරේ පෙබරවාරි 25 වැනිදා දක්වා ද, එහි ලේකම් රොයිස්ටන් ප‍්‍රනාන්දු මහතාට මේ වසරේ පෙබරවාරි මස 26 වැනිදා සිට 2013 වසරේ පෙබරවාරි 25 වැනිදා දක්වා ද තහනම පනවා තිබේ.

