(යොහාන් භාසුර)
තිරිඟු පිටි (පාන්පිටි) මිල පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් ඉදිරි සතියේ බේකරි සහ හෝටල් එකතුව සියලුම නිෂ්පාදන අත්හිටුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
බේකරි නිෂ්පාදන සඳහා සියලුම අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා කුඩා සහ මධ්‍ය පරිමාණයේ බේකරිවලින් වැඩි ප්‍රතිශතයක නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවත් රුපියල් 4000 කට අඩුවෙන් පැවැති පාන්පිටි මිටියක් රුපියල් 12,000 කට සහ කිලෝ 37.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 20,000 පමණ වී ඇති බවත් ජයවර්ධන මහතා කීය.
ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ඉල්ලුමෙන් සියයට 30 ක් පමණ සපයන සමාගම පිටි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ දමා ඇති බවත් සමාගම් කීපයකට පිටි මිල පාලනය කිරීමට රජය වහාම මැදිහත්වයි යුතු බවත් ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.