
(සුමිත් ප්‍රේමතිලක සහ රේඛා තරංගනී ෆොන්සේකා)
පානදුර පෞද්ගලික බස් රථ ගණනාවක් අද (11) වර්ජනයක නිරතවන ලදී .
දුර ගමන් සේවා බස් රථ පානදුර නගරය පසුකර ගමන් කිරීමේදී, බස් නැවතුම්පොළේ නවතා මගින් නංවා ගැනීමට එරෙහිව ඔවුන් මෙසේ වර්ජනයේ නිරතව ඇත .
අංක 100, 101,142 සහ 183 දරණ මාර්ග අංක වලට අයත් පානදුර සිට මොරටුව, නුගේගොඩ සහ කොළඹ දක්වා ගමන් ගන්නා බස් රථ මෙසේ ධාවනයෙන් ඉවත්ව ඇත .
බස්රථ 150 කට අධික ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව ඇතැයි බස් රථ හිමියන් පවසති.
අදාල මාර්ග අංක වල ගමන් ගන්නා, මගින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින අයුරක් දැක ගැනීමට හැකි විය .
(ඡායාරූප: සුමිත් ප්‍රේමතිලක)
(ඡායාරූප: රේඛා තරංගනී ෆොන්සේකා)


