(සුමිත් ප්‍රේමතිලක)
පානදුර මුහුදු වෙරලේ සිය පියා සමග දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිළී අතුරුදහන්ව ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ ,පානදුර ,එළුවිල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ඩිල්ශාන් කාසීම් රහුමාන් නමැති පාසල් සිසුවකු බව පොලිසිය කීය.
සිය පියා සමග අද පස්වරුවේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව පියාගේ ගෙලෙහි එල්ලී සිටි සිසුවා එක්වරම දෑත් මගහැරී මුහුදේ ගසා ගෙන ගොස් ඇතැයි පැවසේ.
පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඔහු සොයා මෙහෙයුම් සිදුකරයි.

