පානදුර බස් පොළේ කට්ටියට ඇප


පානදුර බස්නැවතුම්පොළ අසළ දී ජනතා විමුක්ති පෙරමුණේ විදි නාට්‍ය කණ්ඩායමක් සහ බස් නැවතුම් පොළේ සිටි පිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පානදුර පෞද්ගලික බස් නැවතුමේ සේවකයන් දෙදෙනකු සහ ජනතා විමුක්ති පෙරමුණේ හය දෙනකු ඇප මත මුදා හරින ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළේ ස්ථානාධිපති විරාජ් ජිනේන්ද්‍රහේවා සහ වේලා සටහන්කරු සම්පත් සිල්වා රුපියල් පන් දහසක මුදල් සහ රුපියල් 50 000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිනු ලැබූහ.

ජනතා විමුක්ති පෙරමුණේ වීදි නාට්‍ය කණ්ඩායම් සාමාජිකයන් වන කිත්සිරි කොඩිතුවක්කු, සමන් කුමාර, ගයාන් චතුරංග, සමීර හර්ෂනාත් ද, පළාත් මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද අපේක්ෂකයන් වන ධර්මසිරි පෙරේරා සහ  සමන්ත සිල්වා ද රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.

(ඡායාරූප සිරි මහබෙල්ලන)

.