පානදුර නගර සභා අපේක්ෂකයා කුඩු සමග මාට්ටු


(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට  අධික වටිනා මත්ද්‍රව්‍ය සමග  අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.

එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 102 ක් හොරයන් මත්කුඩු ගෑම් 6 කට අධික ප්‍රමාණයක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත. 

පානදුර මාලමුල්ල පින්වල රණවිරු හේමන්ත පෙරේරා මාවත නිවසක පැවැති කොටහළු උත්සවයක් අතරතුරදී විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ  මස්සිනා ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනයට ලක් වීමේ සිද්ධියත් සමඟම  එම ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශය ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට යොදවා තර කර තිබිණි.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ සෝදිසියකදී සැකකරු සමග මත් කුඩු අත්අඩංගුවට ගෙන ඇත.