පානදුර උතුර පොලීසියේ ටී 56 ගිනි අවි දෙකක් අතුරුදන්


( බිමල්ශ්‍යාමන් ජයසිංහ )

පානදුර උතුර පොලීසියේ තිබූ ටී 56  ගිනි අවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 ඉකුත් 05 වැනිදා රාත්‍රි කාර්යභාර නිලධාරියා රාජකාරි බාර ගැනීමෙන් අනතුරුව  මේ පිළිබද  හෙළි වී  ඇතැයි පොලීසිය කියයි.

 මෙම ගිනි අවි දෙක  අවසන් වරට ඉකුත් 11 සහ 19 වැනි දිනක නිලධාරීන් දෙදනකුට මුදා හැර නැවත බාරදී ඇතැයි  ආරංචි මාර්ග කියයි.