පානදුර - උතුර ඕඅයිසීගේ වැඩ තහනම්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ටී - 56 ගිනිඅවි දෙකක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන මහතාගේ සේවය අත්හිටවූ බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඉකුත් 4 වැනි දා රාත්‍රී රාජකාරී බාරගත් පොලිස් පරීක්ෂකවරයකු ගිනි අවි හා උණ්ඩ ප්‍රසිද්ධ කිරීමේ ලේඛනය සහ ගිනිඅවි අඩංගු කර තිබූ පෙට්ටිය පරීක්ෂා කිරීමේ දී මුලින්ම දැනගන්නට ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී පොලිස් කොස්තාපල්වරයකුගේ  ද වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.