පාදෝවා උළෙලට අපේ දස දහසක් By None // 2012 මැයි 02 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සෑම වසරකම මැයි පළමු වැනි දින ඉතාලියේ පාදෝවා ශාන්ත අන්තෝනි දේවස්ථානයට අති විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඇදී එති. මෙවරද දස දහසකට අධික පිරිසක් එහි සිංහල දේව මෙහෙය සඳහා පැමිණ සිටියහ. ඉතාලියේ ශ්‍රී ලාංකික පියතුමන්ලාගේ සම්බන්ධීකාරක රෝමයේ නෙවිල් ජෝ පියතුමන් විසින් සංවිධානය කරන දේව මෙහෙය මෙවර පැවතියේ 14 වැනි වතාවටයි. වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරු තුමෝද එහි පැමිණ සිටියහ. පාප් වහන්සේ විසින් නෙවිල් ජෝ පියතුමන්ට පිදුණ ‘මෝන් සිඤ්ඤෝරේ’ පදවි උපහාරයද එහිදී පැවැත්විණි. දේව මෙහෙය අවසානයේදී පැමිණි පිරිස් දේවස්ථානය ඉදිරිපිට ඇති උද්‍යානයට පැමිණ තම හිතමිතුරන් සමග විනෝද වූහ. ඉතාලියේ නොයෙක් ප‍්‍රදේශයන්හි විසිරි සිටින තම ඥාතීන් හිතමිතුරන් මෙදිනට පාදෝවා නගරයේදී මුණ ගැසෙන අතර ආගම් බේදයකින් තොරව විශාල පිරිස් ඒ සඳහා පාදෝවා නගරයට එක් රොක් වෙති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත