පාතාලේ සාමාජිකයන් දෙදෙනකු එස්ටීඑෆ් දැලේ


ශි‍්‍රනාත් ප‍්‍රසන්න ජයසුරිය සහ ඉන්දිකා රාමනායක
 
තොටලග ප‍්‍රදේශයේ සිටි ප‍්‍රබල පාතාල සාමාජියකු මෙන්ම මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වු පූකුඩුකන්නා නැමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින්, අත්බෝම්බ,කඩු සමඟ ෆර්ගියුසන් පාරේ දී අද (20) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරුවන් දෙදෙනා සතුව තිබී හොරොයින් ග‍්‍රෑම් 6 ක්, කඩු 4 ක්, අත් බෝම්බයක්, සොයා ගත් බවද විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියකු පැවසීය.

පූකුඩුකන්නා නැමැත්තාගේ මෙම සමීප ගෝලයන් දෙදෙනා සම්බන්ධයෙන්  විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගේ නිවෙස් පරික්ෂා කිරීමේදී මෙම භාණ්ඩ සොයා ගත් බවද එම නිලධාරියා සඳහන් කළේය.

පූකුඩුකන්නා නැමැති පාතාල සාමාජිකයා කොටි සංවිධානය සමඟ සමීප සම්බන්ධකම් පැවැත් වු පුද්ගලයකු බවත් මීට වසර ගණනකට ඉහත දී ඔහු ඉන්දියාවට පැන ගොස් එහි සැඟව සිටින්නකු බවද විශේෂ කාර්ය බළකාය පවසයි.

මොහු ඉන්දියාවේ සිට ඔහුගේ මත්කුඩු ජාවාරම මෙම ප‍්‍රධාන ගෝලයින් දෙදෙනා හරහා සිදුකරන බවද විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් පවසයි.