
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තවදුරටත් විමර්ශන කර පාතාලයට සම්බන්ධ දේශපාලකයන් පාර්ලිමේන්තුවට හෙළි කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මත්ද්‍රව්‍ය රට පුරා ප්‍රබල ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙනවා. හැම තැනම ඔඩුදුවලා.පොලිසියේ මෙන්ම හමුදාවේත් විශ්ව විද්‍යාල වලත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නවා.
ඕනෑම අභියෝගයක් බාරගෙන පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා අප කටයුතු කරනවා.
කොතරම් අවලාද අපහාස කළත් කලත් එය කරන බවට අප සභාවට පොරොන්දු වෙනවා.පසුගිය ආණ්ඩු සමයන්හිදී එක්තරා හමුදා කඳවුරකින් පාතාලයට ආයුධ 78ක් ලබා දී තිබෙනවා. තවදුරටත් මේ රටේ දේශපාලනයට සම්බන්ධ පාතාලයක් නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

