එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැතිවරණ කාර්යාල කිහිපයක ප‍්‍රදර්ශනය කර තිබූ ඒ මහතාගේ රුව රැගත් ප‍්‍රචාරක පුවරු කිහිපයක් කිසියම් පිරිසක් විසින් බ්‍රහස්පතින්දා (30) රාත‍්‍රියේ කඩා බිඳ විනාශ කර ගොස් ඇතැයි වාර්තා වේ.
හෝමාගම, කඩුවෙල සහ කොහිලවත්ත ප‍්‍රදේශයන්හි පිහිටි මැතිවරණ කාර්යාලවල තිබූ පුවරු මෙසේ විනාශ කර ගොස් ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
මේ පිළිබඳව හෝමාගම, වැල්ලම්පිටිය හා නවගමුව පොලිස් ස්ථානයන්ට පැමිණිලි කර ඇති බව ද එම ඒකකය සඳහන් කරයි.

