කොටි සංවිධානයට රාඩා ආයතනය හරහා මුදල් ලබාදුන්නාද නැද්ද යන්න සම්බන්ධයෙන් තමා සමග ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන්නැයි විදුලි බල හා බල ශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අද (9) ගිල්ෆ්‍රඩ් ටෙරස්හි පැවැති එක්සත් ජාතික පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවේදී අභියෝගයක් කළේය.
රාඩා ආයතනයේ ප්‍රධානීන්ව සිටි ටිරාන් අලස් හා එමිල්කාන්තන් හරහා කොටි සංවිධානයට ලක්ෂ 8000ක් මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාරයෙන් ලබාදුන් බවට සියලු තොරතුරු තමා සතුව ඇති බවත් රණවක මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ රට ෆෙඩරල් වන බවත්, රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය වන බවටත් නැගෙන චෝදනා අසත්‍ය බව කී ඔහු එවැනි අවදානමක් මතුවන්නේ සන්ධානය බලයට පත්වුවහොත් බවද ඔහු කීවේය.



