(ඩයනා උදයංගනී)
මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තැන තැන තමාට මඩ ගසන්නේ නැතිව විවෘත සංවාදයකට එන ලෙස බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතාට අභියෝග කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට වගකිව යුත්තේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ එහි අමාත්‍යවරයා බව පවසමින් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා විවිධ ස්ථානවලදී පරස්පර විරෝධී ප‍්‍රකාශ කරන බවත්, තමා පගා ගෙන මහ ඇමතිවරයාගේ ව්‍යාපෘතිවලට ඉඩ නොදුන් බවට ප‍්‍රකාශ කරමින් සිටින බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් මහ ඇමතිවරයා ගෙන ආ ව්‍යාපෘතිය කුමක්ද, කුණු කන්ද කළමණාකරණය කළේ කවුද, කුණුකන්ද යොදාගනිමින් පගා ගත්තේ කවුද? යන්න පිළිබඳව මහ ඇමතිවරයා සමඟ විවෘත සංවාදයකට තමන් සූදානම් බවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටී.

