පුළුල් සන්ධානයකට අනුබල දෙමින් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරා මෙහෙයවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ වෙනසක් ඇති කර මහා සම්මතයෙන් තීන්දු ගන්නා බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සාමකාමී මැතිවරණයක් පැවැත්වීම ගැන මැතිවරණ කොමසාරිස්ට හා පොලිසියට ස්තූති කළ ඔහු පැවසූයේ කොට්ඨාසයකට මන්ත්‍රීවරයකු බැගින් තෝරාගන්නා මැතිවරණ ක්‍රමයකට ඇප කැප වන බවයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කොටි ත්‍රස්තවාදයට හිස එසවීම ඉඩ නොදෙන බවත් යුද අපරාධවලට ලක්වන තත්ත්වයක් ඇති නොකරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර එතෙර මෙතෙර සියලු දේශපාලන අභියෝගවලට මුහුණදී ගැටුම් ඇති නොවන පාලන ක්‍රමයක් ගෙන යන බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කාලය එළඹ ඇතැයිද ඔහු කීය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ අද (20) බත්තරමුල්ල එක්සත් යහපාලන ජාතික පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


