එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂකයකුට අයත් පෝස්ටර් , අත් පත්‍රිකා , ස්ටිකර් තොගයක් සමග සැකකරුවන් 04 ක් සෙනසුරාදා රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකා කඳවුර කියයි.
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ තබ්බෝව ප්‍රදේශයේ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් ඩොල්පින් වර්ගයේ වෑන් රථයක් පරීක්ෂා කිරීමේ දී සුදු පෝස්ටර් 1026 ක් , නිල් පෝස්ටර් 3050ක් , රතු කාඩ් 150 ක් , නිල් කාඩ් 3420ක්, දිග පොස්ටර් 800ක් , අත් පත්‍රිකා 625 ක් , ස්ටිකර් 1063 ක් හමුවී ඇත.
මුද්‍රණය කළ පුද්ගලයෙක් ආයතනයක් සඳහන් නොවු පිළිගත් දේශපාලන පක්ෂ 18ක් හා ස්වාධීන කණ්ඩායම් 10 යක සංකේත ඇතුලත් ව්‍යාජ ඡන්ද දැන්වීම් 4300ක් සොයා ගැනීමට හැකිවී තිබේ.
වෑන් රථය හා සැකරැවන් 4 දෙනා අත් අඩංගුවට ගත් පොලිසිය පෝසටර්, අත් පත්‍රිකා , ස්ටිකර් , ව්‍යාජ ඡන්ද දැන්වීම් සියල්ල වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා කරුවලගස්වැව පොලීසියට භාර දී ඇත.

