පාකිස්තානු ක‍්‍රිකට් පිල මැයි 29 දා එයි


පාකිස්තානු ක‍්‍රිකට් කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලි තු-නකට සහභාගි වීම සඳහා මැයි මස 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි-20 තරගය ජුනි මස 1 වැනිදා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ජුනි මස 7 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ද, තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජුනි මස 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ද ආරම්භ වේ. තරග කාලසටහන ජුනි 1 වැනිදා - පළමු විස්සයි-20 තරගය හම්බන්තොට දීජුනි 3 වැනිදා - දෙවැනි විස්සයි-20 තරගය හම්බන්තොට දීජුනි 7 වැනිදා - පළමු එක්දින තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ජුනි 9 වැනිදා - දෙවැනි එක්දින තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ජුනි 13 වැනිදා - තෙවැනි එක්දින තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ජුනි 16 වැනිදා - සිවුවැනි එක්දින තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ජුනි 18 වැනිදා - පස්වැනි එක්දින තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ජුනි 22 සිට 26 - පළමු ටෙස්ට් තරගය ගාල්ල ක‍්‍රීඩාංගණයේදී ජුනි 30 සිට ජුලි 4 - දෙවැනි ටෙස්ට් තරගය එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ජුලි 8 සිට 12 - තෙවැනි ටෙස්ට් තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී