පාකිස්තානු - බංග්ලාදේශ තරගාවලිය භාරදුර වගකීමක්
වසර තුනකට අධික කාලයකට පසුව පාකිස්තානයේදී අන්තර්ජාතික ක‍්‍රිකට් තරගාවලියෙක් සංවිධානය කිරීමේ අවස්ථාව පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයට ලැබී ඇතත් මෙම තරගාවලිය සංවිධානය කිරීම ඉතාමත් භාරදුර වගකීමක් බව හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෝ කියති.
බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගයකින් සහ විස්සයි-20 තරගයකින් සමන්විත මෙම තරගාවලිය මේ මස 29 සහ 30 දෙදින ලාහෝර්හි ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය ස්ථිර වශයෙන්ම කෙරෙන බව නිවේදනය කිරීමත් සමගම පාකිස්තානු ක‍්‍රිකට් පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස මෑතකදී වැඩබාරගත් ඕස්ටේ‍්‍රලියානු ජාතික ස්ටුවට් ලෝ සිය තනතුරෙන් ඉල්ලා අස්විය.
වසර දෙකක කාලයකට පත්වීම ලබාගත් ස්ටුවර්ට් ලෝ පෞද්ගලික හේතුවක් නිසා ඉවත්වන බව පැවසීය. එහෙත් ඊයේ (17 වැනිදා) ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් විද්‍යායතනයේ පුහුණුකරු තනතුරක් බාර ගැනීමෙන් පසුව ස්ටුවර්ට් ලෝ බංග්ලාදේශයේ ‘නිව් ඒජ්’ පුවත් පතට පවසා සිටියේ බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය අවදානම් බවයි.
”මට කී‍්‍රඩකයන් වෙනුවෙන් කතාකරන්න බෑ. ඒත් මා සිටියේ කී‍්‍රඩකයන් සමගයි. ඔවුන් සෑම දෙනාම සිටියේ තරමක තැවුල් සහගත බවකින්”
”කී‍්‍රඩකයන්ගේ පැත්තෙන් බැලූවාම ඔවුන්ගේ පළමු ප‍්‍රතිචාරය වූයේ ‘මට නම් යන්න ඕන නෑ’ කියන එකයි” යයිද ස්ටුවර්ට් ලෝ පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම 2009 වසරේ මාර්තු මස ලාහෝර් නුවරදී ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට ලක්වීමෙන් පසුව කිසිඳු කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය නොකළ අතර පාකිස්තානය සත්කාරත්වය දැරූ තරගාවලි සියල්ලම අරාබි රටවල්වල පැවැත්විණි.
ලාහෝර් ප‍්‍රහාරයේදී පුද්ගලයන් 8 දෙනකු මරණයට පත්වූ අතර ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයෝ හත්දෙනෙක් සහ සහාය පුහුණුකරු වෙඩි වැදීමෙන් තුවාල ලැබූහ.

