පාකිස්තානයට ලකුණු 289 ක ඉලක්කයක්


(යොහාන් භාසුර)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 8 ක් දැවී ලකුණු 288 ක් රැස්කළේය.

පාකිස්තානු පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 5.78 ක සාමාන්‍යක් පවත්වමින් ලකුණු 289 ක් රැස්කළ යුතුය.

ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 288 (පැතුම් නිස්සංක 24, කමිල් මිෂාර 27, කුසල් මෙන්ඩිස් 20, සදීර සමරවික්‍රම 42, ජනිත් ලියනගේ 54, කමිඳු මෙන්ඩිස් 44, වනිදු හසරංග නොදැවී 37, අබ්රාර් අහමඩ් 41/3, හැරිස් රවුෆ් 66/3)