පාකිස්තානය ලකුණු 81 කින් ජයගනී


(යොහාන් භාසුර)

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (6) පැවැති තරගයේදී පාකිස්තානු පිල ලකුණු 81 කින් නෙදර්ලන්තය පරාජය කිරීමට සමත් විය.

ලකුණු 287 ක ඉලක්කය හඹාගිය නෙදර්ලන්ත පිල ඕවර 41 කදී ලකුණු 205 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ.

මොහොමඩ් රිස්වාන් (68) සහ සවුද් ශාකීල් (68) අර්ධ ශතක රැස්කරමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 120 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.  

පාකිස්තානු පිල ඕවර 49 කදී සියලු දෙනා දැවී 286 (ඉමාන් උල් හක් 15, මොහොමඩ් රිස්වාන් 68, සවුද් ශාකීල් 68, මොහොමඩ් නවාස් 39, ශදාබ් ඛාන් 32, හැරිස් රවුෆ් 16, ශහීන් ෂා අෆ්රිඩි නොදැවී 13, බාස් ඩී ලීඩ් 62/4, කොලින් අකීර්මන් 39/2) 

නෙදර්ලන්ත පිල ඕවර 41 කදී සියලු දෙනා දැවී 205 (වික්‍රම්ජිත් සිං 52, කොලින් අකීර්මන් 17, බාස් ඩී ලීඩ් 67, හැරිස් රවුෆ් 43/3, හසන් අලී 33/2)