පාකිස්තානය පන්දුවට පහර දෙයි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී අද (18) පැවැත්වෙන තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයේ (දිවා/රාත‍්‍රී) කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක මිස්බා උල් හක් පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය. දෙරට අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ සිටියි.

