පාකිස්තානය ටෙස්ට් තරගාවලිය ජය ගනියි


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානු පිල සමත්විය. තරගයේ පස්වැනි හා අවසන් දිනය වු අද (7) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ලකුණු 255 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 87 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 413 සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 181 පාකිස්තානය පළමු ඉනිම සියලූ දෙනා දැවී 340 සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 87