පාකිස්තානය එක්දින තරගාවලියත් ජයගනී
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබි’හිදී අද (23) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) පාකිස්තානු කී‍්‍රඩකයෝ කඩුලූ 3 ක ජයක් ලබා ගැනීමට සමත්වුහ. ඒ අනුව දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 4-1 ක් ලෙස පාකිස්තානය ජය ලබා ටෙස්ට් හා එක්දින තරගාවලි දෙකේම ශූරතාව දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහර දෙමින් රැස්කළ ලකුණු 219 ක ඉලක්කය පාකිස්තානු පිල ඕවර 47.2 ක් අවසානයේදී කඩුලූ 7 ක් දැවී සපුරා ගැනීමට සමත්විය. පාකිස්තානු නායක මිස්බා උල් හක් (66) සහ උමාර් අක්මල් (නොදැවී 61) අර්ධ ශතක ලබා ගනිමින් සිය පිලට ජය ගෙන දුන්හ.

