පාකිස්තානය එක්දින තරගාවලියත් ජයගනී
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායිහිදී ඊයේ (14) පැවැති සිවුවැනි තරගයෙන් ලකුණු 26 ක ජයක් ලැබූ පාකිස්තානු ක‍්‍රීඩකයෝ 3-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට ඒමට සමත් වූහ.
ලකුණු 201 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 174 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ. සහිඞ් අෆ්රිඩි විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 35 කට කඩුලූ පහක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග‍්‍රහණය, පාකිස්තානය වෙතට නතු කර ගත්තේය.
පාකිස්තානය ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 200 (මොහොමඞ් හසීෆ් 27, සහිඞ් අෆ්රිඩි 75, සයිඞ් අජ්මාල් 20, දිල්හාර ප‍්‍රනාන්දු 26/3, ජීවන් මෙන්ඩිස් 40/2, සීකුගේ ප‍්‍රසන්න 55/2)
ශ්‍රී ලංකාව ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 174 (උපුල් තරංග 16, කුමාර් සංගක්කාර 58, මහේල ජයවර්ධන 55, අයිෂාෂ් චීමා 48/2, සහිඞ් අෆ්රිඩි 35/5, සයිඞ් අජ්මාල් 29/2)

