පාංශු විශේෂ දැක්මට නීටාත් එක්වෙයි


විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමා වෘතාන්තය ‘පාංශු’ චිත්‍රපටය පිළිබඳ විශේෂ දැක්මක් හා සංවාදයක් අද (29) පස්වරු 4.00ට ගම්පහ රීගල් සිනමා ශාලාවේදීත් හෙට (30) පස්වරු 6.00ට කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවේදීත් පැවැත්වේ.

මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ‘නීස් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’ ලොව හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ නීටා ප්‍රනාන්දු ඇතුළු ශිල්පීන් සියලු දෙනා මෙම අවස්ථා දෙකට සහභාගිවීමට නියමිතය.

(***)