පා හයේ දරුවෙක් පකිස්තානේ


දස ලක්‍ෂයකින් එකක් වශයෙන් සිදුවන ඉතා විරල දරු උපතකින් පාද හයක් සහිත සතියක බිළිඳකුගේ ජීවිතය බේරා ගැනීමට පාකිස්තාන වෛද්‍යවරු සැරැුසෙති. පියා සහ මව නෑනා මස්සිනා බව කියති. දරුවා බිහිවූයේ සීසර් සැත්කමකිනි. නිවුන් දරුවන් වශයෙන් කලලය හටගෙන අනෙක් දරුවා නැතිවී ගිය පසු පා හයේ දරුවා උපදින්නට ඇතැයි වෛද්‍යවරු කියති. දරුවාගේ පියා ඉම්රාන් ෂයික් මාසයකට ඩොලර් 66ක් (රුපියල් 8200* පමණ උපයයි. කරච්චි නුවරදී සැත්කමට වැයවන මුදල් සොයා ගත නොහැකි බව පැවැසීමත් සමග සීසද් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිලධාරයනට දැන්වූයේ ඔහුට උදව් කරන ලෙසයි. එතෙර වෛද්‍ය උපදෙස් ද ලබා සාර්ථක ලෙස සැත්කම කළ හැකි බව පාකිස්ථා වෛද්‍යවරු කියති