පා වැසුම් හොරේ බහලූවෙන් පනී


ඩුබායි සිට  අඩි 40ක කන්ටේනරයකින්  ව්‍යාජ ලිපිනයකට  එවූ රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා  සපත්තු කුට්ටම් 20000ක් රේගු මධ්‍යම බුද්ධි අංශය ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එල්.එම්. නෙල්සන් මහතා පවසයි.  පාවහන් නිෂ්පාදනයට ගන්නා ෂීට්වලට අඩු බද්දකුත් සපත්තු වලට වැඩි බද්දකුත් අය කරන නිසා බදු වංචා කිරීම සඳහා මේ උපක‍්‍රමය යොදා ගන්නට ඇතැයි රේගුව කියයි.