ශ්‍රී ලංකාව ප්‍රෞඩත්වයෙන් යුත් රටක් වුවද වසර 70 ක් පුරා එය පාලනය කළ පාලකයන් අද වන විට ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත, දීනත්වයට පත්කළ ජනතාවක් සිටින රටක් බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
දිසානායක මහතා මේ බව කීවේ කොළඹ බී.ආර්.සී. පිටියේදී අද දින පැවැති මැයි දින රැළියට එක්වෙමිනි.
මේ රට අවුරුදු 70 ක් පමණ පාලනය කළ පාලකයන් අපට මොනවද ඉතුරු කරලා තියෙන්නේ?....මේ රට මහා ණය කන්දක හිර කළා. කෝ ඒ ණයවලින් කළ දේවල්?“
“මේ පාලකයන් ලැජ්ජා වෙන්න ඕනා. වසරකට භාණ්ඩාගාරයට ලැබෙන මුළු ධනයම ණය ගෙවන්නත් මදි. මෙය හිඟන රටක් නොවේද? අපිට අපේ රට ගැන ආඩම්බරයක් තිබෙනවා. හැබැයි පාලකයන් අපේ රට හිඟන රටක් බවට පත් කරලා තිබෙනවා“
“රට සහ ජනතාව පසුපසට ඇදගෙන ගිහින් තිබෙනවා. රට හිඟන රාජ්‍යක් බවට පත් කර තිබෙනවා. අපේ රට ප්‍රෞඩත්වයක් ඇති රටක් බවට පත්කිරීමේ වගකීම අපට තිබෙනවා.“
“ණය බරින් පිරුණු, දරුවන්ට අධ්‍යාපනය නොමැති, ලෙඩරෝගවලින් පිරුණු දීනත්වයට පත් කළ ජනතාවක් සිටිනවා. දීනත්වයට පත් කළ ජනතාවට අභිමානවත්ව ඉදිරියට යන්න කටයුතු ලෑස්ති කළ යුතුයි. ජනතාව වෙනුවෙන් පාලනයක් ගොඩ නැගීමේ දිසාවට රට ගෙන යායුතුව තිබෙනවා.“ යයි කී දිසානායක මහතා මැයි දින රැළිය වෙනුවෙන් බී.ආර්.සී. ක්‍රීඩාංගණයට රැස්වූ ජනතාව අගයමින් කතාකළේය.
“අතුරු සිදුරුව නැතිව පිරියනවා යයි කියන්නේ මොකක්ද කියා ඇහුවොත් අද මේ බී.ආර්.සී. පිටිය පිරී ඇති ආකාරය යැයි පෙන්වන්න පුළුවන්. බොහෝ අයට ඉඩ නැතිව පාරේ ඉන්නවා. වේදිකාවේ පසුපස පවා ඉන්නවා“ යයිද පැවසීය.