ප්‍රේමලාල් ජයසේකරගේ දිවුරුමට විරෝධය පා මන්ත්‍රීවරු නැගිට යති


 

 

(ඩයනා උදයංගනී)

මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට විරෝධය පා  සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව ‍ගියහ.

එම මන්ත්‍රීවරු ප්‍රේමලාල් ජයසේකර මහතා දිවුරුම් දීමට විරෝධය පා සභාවට පැමිණ සිටියේ ද කළු පැහැ සාටක පැළඳගෙනය.

ඔවුන් පැවසුවේ එම දිවුරුම්දීම නිත්‍යානුකූල නොමැති බවයි.

( ඡායාරූප ළහිරු හර්ෂණ )