කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ දී පැවැති තුන් වැනි ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟය නැරඹීමට ගොස් කලහකාරී ලෙස හැසිරුණු බව කියන හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සොයාන බව ද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පිරිස උසාවියට ඉදිරිපත් කරන තෙක් මාලිගාවත්ත පොලිසියේ රඳවාගෙන සිටිති.
මෙම සිද්ධියේ දී ගල් මුල් ගැසීමෙන් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දේපොළවලට ද, ඒ අසල නවතා තිබූ වාහන කිහිපයකට ද , ගොඩනැගිලි වලට ද අලාබ හානි සිදුවූ බව පොලිසිය කියයි.
දස දෙනෙක් තුවාල ලදහ. ක්‍රීඩකයන් කිසිවකුටත් අනතුරක් වී නැතැයි පොලිසිය පවසයි.

