ප්‍රියමාලිගේ මුදල් වංචාවට සහය දුන් සිරිසුමන හිමි රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් ව්‍යාපාරිකයකුට  රුපියල් මිලියන 750 ක් වංචා කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02) නියෝග කළේය .

මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් නොමැතිවීම හේතුවෙන් සැකකාර හිමිනම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නෙය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)