ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු ලබන සඳුදා(30) සවස තුනට පොළොන්නරුවේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය එ් මහතාගේ ඇතුගල්පිටිය නිවසේ තැන්පත් කර ඇත.
පසුගිය 26 වැනිදා දා ඔහුගේ මිතුරෙකු සමග ඇති කරගත් ආරවුලකින් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වු ඔහු මිය යන විට 43 වියේ පසු වු තිදරු පියෙකි.
1972 වසරේ දෙසැම්බර් දොලොස්වෙනි දින පොළොන්නරුවේ උපත ලැබු පී.ජී ප්‍රියන්ත සිරිසේන මහතා මෛත්‍රී පවුලේ බාල සහෝදරයා වෙයි.
පොළොන්නරුව ලක්ෂ උයන කණිෂ්ඨ විදුහලෙන් මුලික අධ්‍යාපනය ලබා ගම්පහ උඩුපිල මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත් වු ඔහු ගම්පහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සහ පොළොන්නරුව තෝපා වැව මහ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත.
පොළොන්නරුව රජරට බිල්ඩර්ස් හා මීට මාස කිහිපයකට පෙර ආරම්භ කළ රජ රට සහල් පුද්ගලික සමාගමේ හිමිකරු වු ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් විය.
රාජු නමින් සමාජයේ ප්‍රසිද්ධව සිටි ඒ මහතා සමාජ සේවකයෙකු හා දානපතියෙකු විය.





