(ගයාන් සූරියආරච්චි)
රෝගාතුරවී සිටින ගායන ශිල්පී ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්තට ප‍්‍රතිකාර කිරීම පිණිස ඔහුගේ සංගීතයෙන් සහ ගායනයෙන් ජනප‍්‍රියත්වයට පත්වූ ‘ඔබ මා හදින් සැගවී නොයන්’, ‘ඔබ හා ගෙවූ අතීතේ’ යන ගීත දෙක වැඩිම මුදලකට විකිණීමට බලාපොරොත්තු වන බව ප්‍රින්ස්ගේ නැගණිය ශිරෝනි ප‍්‍රියංගිකා ප‍්‍රනාන්දු පැවැසුවාය.
මේවන විට ප‍්‍රින්ස් වෙනුවෙන් විශාල මුදලක් වැය කර ඇති අතර ඉඩකඩම්, දේපළ පවා විකුණා තිබේ. ප‍්‍රින්ස්ගේ ජීවිතය කෙසේ හෝ ගොඩගැනීම පිණිස මෙම තීරණය ගත්බව ඇය පැවැසුවාය. මේ ඇය තවදුරටත් දැක්වූ අදහසයි.
‘‘අයියා අසනීප වෙලා ආර්ථික වශයෙන් අපි කඩාවැටිලා ඉන්න අවස්ථාවක අයියාගේ ඉතා ජනප‍්‍රිය ගීත ප‍්‍රසිද්ධ වේදිකාවේ මුදලට ගායනා කරන ප‍්‍රසිද්ධ ගායකයන් ගැන මට දැනගන්න ලැබුණා. මා ඒ ගැන කනගාටු වෙනවා. අයියගේ ප‍්‍රතිකාර සඳහා නොමිලයේ ගී ගැයූ ගායක ගායිකාවෝ රැසක් සිටියදී එකම දුරකථන ඇමතුමක්වත් නොදුන් වචනයකින් වත් උදවු නොකළ කීප දෙනෙක් අයියාට සුවය පතා උපහාර පිණිස යැයි පවසමින් ප‍්‍රසංග වේදකාවල ගීත ගයනවා. ඒ ගීත ගයමින් විශාල මුදලක් උපයනවා යැයි ද ශිරන්ති ප්‍රියංගිකා පැවසුවාය.
“අයියයි මමයි පුංචිකාලේ ඉඳලා සංගීතය ඉගෙන ගත්තේ. මට අවුරුදු 10 ක් 11 පමණ වෙනකොට රාග 10 ක් පමණ වාදනය කිරීමේ හැකියාව තිබුණා.“
“අයියගේ ජිවිතය නැවත ගොඩගැනීම පිනිස ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවීමට මේවන විට මා තීරණය කර තියෙනවා“ යයි ප්‍රින්ස්ගේ නැගණිය ශිරෝනි ප‍්‍රියංගිකා ප‍්‍රනාන්දු පැවැසුවාය.


