ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට කෝටි 20ක සංවර්ධන ව්‍යාපෘති


(රංජන් කස්තුරි)

“ගම්පෙරළිය“ රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මේ වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් කෝටි 20 ක සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

ගම්පෙරළිය වැඩසටහන මේ වසරේ තුන්වැනි කාර්තුවේ සිට ආරම්භ කෙරෙන අතර වසර දෙකකදී ඒ සඳහා රුපියල් කෝටි 6581 ක් වැය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වාරිමාර්ග, ග්‍රාමීය මාර්ග, පාසල් සනීපාරක්ෂක පහසුකම් හා ක්‍රීඩා පිටි, සති පොළ, හරිත උයන, විදුලිබලය, ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන අලුත් වැඩියාව නිවාස සංවර්ධනය හා ඉඩම් ඔප්පු නිකුත් කිරීම වැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.