ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ විසඳන්න ජනපතිගෙන් කමිටුවක්


ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 3 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළ යුතු බවට ද ජනාධිපතිතුමා නියෝග කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබද අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

 

(ජනපති මාධ්‍ය අංශය)