
(සුජිත් හේවාජුලිගේ )
කැමති ඕනෑම දරුවකුට ප්‍රාථමික අංශයේ සිට අ.පො.ස උසස් පෙළ දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
මේ වැඩපිළිවෙල පළමුවෙන්ම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නුගේගොඩ ගංගොඩවිල විජයරාම විද්‍යාලය ඒ වෙනුවෙන්ම විශේෂයෙන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයිද ලේකම්වරයා කියයි .
එමෙන්ම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමටත් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම සඳහාත් අධ්‍යාපන විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි .
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් යැයි කල්පනා කරන බවයි .

