ප්‍රා.සභාවක සභාපතිවරයකුට නඩු දාන්න බැරිව පාතාලය ගැන කතාකිරිම විහිළුවක්


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
 
පසුගිය කාලයේ පාතාලය තියාගන්න, ස්ත්‍රී දුෂකයන් තියාගන්න, විදේශීය කාන්තාවන් දුෂණය කළ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකුට නඩු දාන්න බැරිව කටයුතු කළ පිරිසක් වර්තමානයේ පතාලය ගැන කතා කිරීම විහිළුවක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.

අගමැතිවරයා ඒ බව පැවසුවේ ඇමැතිවරයකුගේ රැකවලුන් ලෙස පතාලයේ පිරිසක් සිටින බවට ලංකාදීප පුවත්පත අද (17) පළවු වාර්තාවක් සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පද්මඋදය ශාන්ත ගුණසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

‘අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තිබෙනවා පාතාලයේ පස් දෙනෙකු ඇමැතිවරයකුගේ රැකවලුන් ලෙස ඉන්නවා කියලා පොලිසිය කියන කතාවක්. ඒ ඇමැතිවරයා කවුද ඔහු පාතලයේ අය තියාගෙන හිටියද කියලා කියනවද. මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇමැතිවරයකුට පාතාලයේ අය රැකවල්ලු ලෙස තියගන්න පුළුවන්ද ඒ පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට කියන්න’