(උපාලි ආනන්ද සහ පියදාස සමරවීර)
කොරෝනා වයිරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා කැබිතිගොල්ලෑව නගරයේ පී.සී.ආර් පරික්ෂණ සිදු කරමින් සිටියදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභා සභාපති තම රාජකාරියට බාධා කරමින් තර්ජන කර බැණ වැදුණේ යැයි කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
දුරකතනයෙන් අමතා තමාට නොදන්වා කැබිතිගොල්ලෑවේ පී.සී.ආර් කරන්නේ කෙසේ දැයි විමසා තර්ජනය කළ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභා සභාපති මංජුල ටිකිරි බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදි කියා සිටියේ තමාට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ප්‍රාදේශීය සභා සේවකයන්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ යුතු බවට තමා මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන්න යෝජනා කළ බව කීය.

