ප්‍රා.ලේ හා දි.ලේ කාර්යාල සෙනසුරාදා ඉරිදා විවෘතයි


(සිරංගිකා ලොකුකරවිට)
 
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වු නිවාස හා දේපළවලට හානි සිදුවු පවුල් සඳහා වන්දි ලබාදීමේ කටයුතු සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරන බව රජය දැනුම් දෙයි.

මේ සඳහා ආපදා සිදුව ඇති ප්‍රදේශයන්හි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සෙනසුරාදා හා ඉරිදා දිනවල දී විවෘතව තබන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගැමති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආපදා සිදුවූ ප්‍රදේශයන් හි රාජ්‍ය බැංකු විවෘතකර තැබීමට ද කටයුතු යොදා ඇති බවයි.

හානියට පත් නිවාස හා දේපළ තක්සේරු කිරීමෙන් පසුව වන්දි ප්‍රදානය කරනතුරු අත්තිකාරම් මුදලක් ලෙස මෙම ප්‍රදානයන් කරන බව ඇමැති අබේවර්ධන මහතා පවසයි.