ප්‍රා මන්ත්‍රී සිරකරලා


උකුවෙල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අයි එම් පාරිස් මහතා සඳුදා පැයක් පමණ ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිරවී සිටියේය. ඔහු කාර්යාලයේ සිටින බව නොදත් සේවකයකු දොර වසා යාම ඊට හේතුවයි. පැයකට පසු පාරිස් මහතා ජනේලයක් විවෘත කරගෙන එළියට ආ බව ප්‍රාදේශීය සභා රැස්වීමේදී සඳහන් විය.