කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට වෙඩි තැබූ තැන තිබී උණ්ඩ හයක් සොයාගත් බව පොලීසිය කියයි. රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ පරීක්ෂණ පැවැත්වේ.
මහර මහේස්ත්‍රාත් සහන් යාපා බණ්ඩාර මහතා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.
මඩවල මහතාගේ නිවෙස අසලට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය ද පොලිස් සොකෝ නිලධාරීහු ද කැඳවනු ලැබූහ.
පෙර දින රාත්‍රී මහේස්ත්‍රාත් පරීක්ෂණය අවස්ථාවේ විශාල පිරිසක් පැමිණ හඩමින්, කෑකෝ ගසමින් සාධාරණය ඉටුකරණ ලෙස ඉල්ලා සිටියහ. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පෙර දින රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ 200ක බළඇණියක් පැමිණියේය.
අද උදෑසන ද විශාල පිරිසක් නිවෙස අසල රැස්ව සිටියහ.
කැලණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතා මෙසේ පැවසිය.
‘අපි කැලණියේ හොද දේවල් කරන්න උත්සාහ කළා. හොරකමට වංචාවට දුෂණ වලට එරෙහි වුණා. ඒ හින්ද තමයි මේ වගේ දේවල් අපිට සිද්ධ වුණේ. අපි දැන ්කාටද කියන්නේ? අපි ආණ්ඩුවේ වෙලත් මෙහෙම වෙනවනම් ඉතින් තව මොනවද’.
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔෂාන් නන්දසේන මහතා මෙසේ පැවසිය.
‘ඉස්සර මේ පාරේ දැම්මේ නිල් කොඩි. අද දන්නේ සුදු කොඩි. පැමිණිල්ලක් වත් ලියන්න පොලිසියක් නෑ. අපි හැමෝගෙම ජීවිත අනතුරේ. කැලණියේ පොලිසිය හිටියට වැඩක් නෑ. මේ මරණය සිද්ධ වෙලත් විනාඩි 45 විතර යනකන් කැලණියේ පොලිසියවත් අවේ නෑ. ඊට කලින් පැලියගොඩ පොලිසිය ආවා. ‘
(ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)










