ප්‍රා උප සභාපතිටත් ඇප


අනවසර වැලි ට්‍රැක්ටරයක් අත්අඩංගුවට ගත් කොස්තාපල්ට පහර දුන් බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමින්ද රුවන්සිරි පෙරේරා ද ඇතුළු 18 දෙනාට පුත්තලම මහේස්ත්‍රාත් උසාවියේ දී ඇප නියම විය.

මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා, රුවන්සිරි පෙරේරා ඇතුළු හය දෙනකුට රුපියල් 5000 බැගින් මුදල් ඇප ද, රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් ද නියම කෙළ්ය.

සෙසු සැකකරුවනට රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප නියම විය.