නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ කැලණිය ප්‍රා සභා මන්ත්‍රී හසිත මඩවල මහතා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි. මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදී හිස් පළඳනා පැළඳ යතුරු පැදියකින් ආ දෙදෙනකු, නිවස ඉදිරිපට සිටි මන්ත්‍රීවරයාට වෙඩි තබා පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

