ප්‍රසන්නටත් නාමයෝජනා නෑ?


බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා දීමට පිරිසක් අකමැති බව දේශපාලන ආරංචි කියයි.

ඔහුගේ නම ද නාමයෝජනා ලැයිස්තුවෙන් කැපී යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි රණතුංග මහතාට හිතවත් පාර්ශ්වය කියයි.

හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට ද නාමයෝජනා නොලැබෙන බව දැනගන්නට තිබේ.