ප්‍රසන්නට බිරියට නොතීසි


වැල්ලම්පිටිය මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කැර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා හා  ඔහුගේ බිරිය මෝරීන් රණතුංගට   ලබන 14 වැනි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නොතීසි නිකුත් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සිංගප්පූරුවට ගොස් සිටින බව කියන කොහුවල නරේෂ් සහ ශිවන්ති වනිගසේකර දෙදෙනාට වරෙන්තු නිකුත් කැරිණි.