මනෝප්‍රිය ගුණසේකර
ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ වන මොරීන් ස්ටෙලා රණතුංග මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය ඇය වෙත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියම කළාය.
ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන සිය දූවරුන් තිදෙනා බැලීම සඳහා වීසා ලබා ගැනීමට ඉදිරිපත් සඳහා සිය විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්නැයි ඇය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය ඒ සඳහා අවසර දුන්නාය.
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 440ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව ප්‍රසන්න රණතුංග මහතාට සහ මොරීන් ස්ටෙලා රණතුංග මහත්මිය්‍ග් නඩු විභාගය අවසන් වු අවස්ථාවේ දී අදාළ නියෝගය නිකුත් කළාය.