ප්‍රසන්නගේ පෙත්සම විසිවේ


තමා ප්‍රධාන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම  හෝ ඊට අදාළ තීන්දු ගැනිම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග ගොනු කළ රිට් පෙත්සම  අද (11) අභියාචනාධිකරණය  ඉවත දැමීය.

විජිත් මලල්ගොඩ (සභාපති) සහ එච්.සී.ජේ.මඩවල  විනිසුරුවරු මෙම තීන්දුව දුන්හ.

පෙත්සම්කරු තම ඉල්ලීම තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව  අභියාචානාධිකරණය තීන්දු කළේය.

පළාත් පාලන ලේකම්, බස්නාහිර  පළාත් ආණ්ඩුකාර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කැර තිබිණි.