මහා පරිමාණ මුල්‍ය වංචාවක් පිළිබඳව සැකපිට චෝදනා ලබා සිටින බස්නාහිර මහ ඇමැති හා ඔහුගේ බිරිඳ ගැන අධිකරණය සුදුසු තීන්දුවක් දෙනු ඇතැයි මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා කියයි. සිද්ධිය ගැන අධිකණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කළ පසුව දෙදෙනා අත්අඩංගුවට ගන්නවාද නැද්ද තීරණය කරනු ඇති බවද ඔහු කිවේය.

