ප්‍රසන්න රණවීර ඇතුළු 31 ක් යළි රිමාන්ඩ්


(සනත් ගමගේ)

මත්තල ගුවන්තොටුපළ විකිණිමට එරෙහිව හම්බන්තොට දී පසුගිය 6 වැනි දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් 30 දෙදෙනාගෙන් එක් අයකුට ඇප ලබාදී  ඉතිරි 31 දෙනා නොවැම්බර් 13 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරිමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.

පාර්ලිමේන්තු ප්‍රසන්න රණවිර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරල, මේජර් ප්‍රසන්න ද සිල්වා,මේජර් අජිත් ප්‍රසන්න,  මෙලෙස රිමාන්ඩ් ගත කැරිණි.

ඇප ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඩී.වී.චානක යන මහත්වරුද අධිකරණයේ පෙනී සිටියහ.