ප්‍රසන්න පාඩුව පිළිගනී


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැට් බදු විවාදය  කඩාකප්පල්වීම  අපරාධයක් මෙන්ම ලොකු පාඩුවක්  බව පිළිගන්නේ යැයි  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (11)  පැවසීය.

රණතුංග මහතා මෙසේ පැවසුවේ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේද සඳහන් කළේය.

විපක්ෂයේ ඉල්ලීම පරිදි වැට් බදු විවාදයට ඉරිද දවස අපි දුන්නා. එතකොට විපක්ෂයේ වගකීම තමයි විවාදයට සහභාගි වීම. නමුත් ඒ අය හිතාමතාම මගහැරියා.ඝණ පූර්ණය ප්‍රශ්නය මතු කරලා ඒක කරගත්තා. විවාදය නතරවීම අපරාධයක්. අපි ඒක පිළිගන්නවා.

විපක්ෂය ඊයේ වගකීමක් නැතුව කටයුතු කළා. රට එදා තිබ්බ තැන ඔබතුමාලා දැක්කනේ. දැන් යම් ස්ථාවරත්වයකට ගෙනවිත් තිබෙනවා. අපි දැන් මේ වැදගත් දෙයක් කරන්න හදන්නේ. ඒකට අකුල් හෙලන්න එපා.